මේ ලිපි පෙළෙන් මම බලාපොරොත්තු වෙනවා පරිගණකයෙන් කරන්න පුළුවන් පුංචි විනෝදජනක දේවල් ටිකකුත් ඔයාලට කියාදෙන්න .
මේ කියන්න යන්නේ ....ඔයාල ටයිප් කරන ඕනෑම ඉංග්‍රීසි වාක්‍යක් පරිගණකය ලවා කියවගන්න පොඩි වැඩසටහනක් ගැනයි. හැබැයි මේකට පරිගණකයට හයි කරපු හෙඩ් ෆෝන් හරි නැත්තම් ස්පීකර් සෙට් එකක් හරි තියෙන්න ඕනේ. නැත්නම් කොහොමද සද්දේ ඇහෙන්නේ..
මෙන්න මේකයි කරන්න තියෙන්නේ. පහලින් දාල තියෙන කෝඩ් එක කොපි කරගන්න.
Dim msg, sapi
msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg
ඊටපස්සේ අලුත් නෝට්පෑඩ් ඩොකියුමන්ට් එකක් ඕපන් කරලා කලින් කොපි කරපු කෝඩ් එක පේස්ට් කරන්න.
දැන් නෝට්පෑඩ් එකේ File ගිහිල්ලා Save As ක්ලික් කරන්න.
දැන් ඕපන් වෙන වින්ඩෝ එකේ File name එකට abc.vbs කියල නම් කරන්න
Save as type කියන එකට All Files කියන එක දෙන්න. දැන් ඔයා කැමති තැනක මේක save කරන්න .
හැබැයි save කරපු තැනත් මතකතියාගන්න .
ඔයාලට පේනවා ඇති මම save කරලා තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ.
දැන් ඒක save කරපු තැනට යන්න එතන මෙන්න මේ වගේ file එකක් ඇති .
දැන් පුංචි box එකක් ඕපන් වෙයි , එකේ කැමති දෙයක් ටයිප් කරලා ok කරන්න.
ඔයා ටයිප් කරපු දේ පරිගණකය කියවයි ....


No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.